القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 10. අත්තව්හීද් හෙවත් ඒකදේවවාදයේ වර්ග මොනවාද?

පිළිතුර අංක 01- අත්තව්හීද් අර්රුබූබියියා- එනම් අල්ලාහ්ගේ ආධිපත්යයෙහි ඒකීයභාවය: අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, සියල්ලෙහි හිමිකරුය, පාලකයාණන්ය, ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් විශ්වාස කිරීමයි.

2. තව්හීද් අල්උලූහියියා යනු සියලු වැඳුම් පිඳුම්වලින් අල්ලාහ් තආලා ඒකීයත්වයට පත්කිරීමයි. අල්ලාහ් තආලා හැර වෙන කිසිවකට හෝ කිසිවෙකුට වන්දනාමානය නොකළ යුතුයි.

3. අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් ඒකීයභාවයට පත් කිරීම: එනම් අල්ලාහ්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට මනඃකල්පිත රූප මැවීමකින්, ව්යාජ අර්ථ කථන ලබා දීමෙන් සහ තවත් වස්තුවකට හෝ කෙනෙකුට සමාන කිරීමෙන් තොරව මෙම නාමයන් සහ ගුණාංගයන් අල්කුර්ආනයේ සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම් තුල සඳහන් වී තිබෙන ආකාරයට විශ්වාස කිරීම.

තව්හීද් වර්ග තුන සඳහා සාක්ෂි: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. (ඔහු) අහස් හා මහපොළොවේ ද, ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද? (65) (සූරා මර්යම් 19:65)