القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 1: පිරිසිදුකම ගැන හැඳින්වීමක් කරන්න

පිරිසිදුකම යනු කිල්ලෙන් පිරිසිදු වීම සහ අපවිත්රතාව ඉවත් කිරීමයි.

අපවිත්රතාව ඉවත් කර පිරිසිදු වීම යනු: මුස්ලිම්වරයෙකු විසින් තම ශරීරය මත, තම ඇඳුම් මත හෝ තමන් සිටිනා ස්ථානයේ සහ තමන් යාච්ඤා කරන ස්ථානයේ තිබෙන ඕනෑම අපිරිසිදු දෙයක් ඉවත් කිරීමයි.

කිල්ලෙන් පිරිසිදු වීම යනු: එය සිදු කරනු ලබන්නේ වුළු හෙවත් අර්ධස්නානය කිරීම තුලින් සහ ජලස්නානය කිරීම තුලිනි. මේ සඳහා පිරිසිදු ජලය අවශ්ය වේ. තවද ජලය නොමැති විටක තයම්මම් හෙවත් පිරිසිදු පස් වැනි දෑ භාවිතයෙන් පිරිසිදු කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ ජලය අහිමි වූ විටක හෝ (රෝගාතුර වීම වැනි හේතූන් නිසා) ජලය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.