القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 4: වුළු කරන්නේ කෙසේද?

පිළිතුර - තුන් වරක් අත්ල සේදීම.

තුන්වරක් මළ්මළා, ඉස්තින්ශාක් සහ ඉස්තින්සාර් කිරීම.

මළ්මළා යනු : මුඛය තුළට ජලය දමා, එය පිරිසිඳු කිරීමෙන් පසු ජලය පිටතට යැවීම.

ඉස්තින්ශාක් යනු : දකුණු අතින් නාසයට ජලය ඇද ගැනීම.

ඉස්තින්සාර් යනු : ජලය ගෙන පිරිසිඳු කිරීමෙන් පසු වම් අතින් නාසයෙන් ජලය බැහැර කිරීමයි.

මුහුණ තුන්වරක් සේදීම.

අත් දෙක වැල මිට දක්වා තුන් වරක් සේදීම.

හිස එක්වරක් තෙත් අතින් පිරිමැදීම සහ කන්දෙක එක්වරක් අතින් පිරිමැදීම.

පසුව ඔබේ දෙපා වළලුකර දක්වා තුන් වරක් සේදීම.

මෙය වඩාත් සම්පූර්ණ වූ ක්රමයයි. මෙය උස්මාන්, අබ්දුල්ලා බින් සයිද් සහ වෙනත් අය විසින් වාර්තා කරන ලද අතර බුහාරි සහ මුස්ලිම් මූලාශ්රයන් හි සඳහන් හදීස් වල මේ ක්රමය වාර්තා වී ඇත. මෙය පිළිබඳව අල්-බුහාරි සහ වෙනත් මූලාශ්ර ග්රන්ථවලද මෙසේ සඳහන් වී ඇත: "නබි තුමාණන් එක් වරක් වුළු කිරීම සිදු කළේය, තවද එතුමාණන් දෙවරක් වුළු කිරීම සිදු කළේය" මේ අනුව අදහස් වන්නේ: එතුමා විසින් (වුළු අවස්ථාවේදී) සේදිය යුතු අවයව එක් වරක් හෝ දෙවරක් සෝදා ගත්තේය, යන්නයි.