القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 17. අන්-නාස් (මිනිසුන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

අන්-නාස් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. (නබි මුහම්මද්!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. 2. (ඔහු) මිනිසුන්ගේ රජුය. 3. මිනිසුන්ගේ දෙවියාය. 4. (නපුරු) කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ඔහුගෙන් ආරක්ෂාව පතමි). 5. ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 6. (ඇසෙන් නොපෙනෙන ජීවී විශේෂයක් වූ) ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වෙති. අන්-නාස් පරිච්ඡේදය:1-6.

අර්ථ විග්රහය:

1. අහෝ දූතය, ඔබ පවසන්න මම හිමිදිරියේදී පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.

2. ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.

3. ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.

4. මිනිසා තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.

5. ඔහු මිනිසාගේ හදවත් වලට කුකුස් හෙළයි.

6. ඔවුන් ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.