القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 6: අල්-අස්ර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

අල්-අස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. කාලය මත දිවුරමින්. 2. නියත වශයෙන්ම මිනිස් සංහතිය අලාභයෙහිම පසු වෙති. 3. නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. අල්-අස්ර් පරිච්ඡේදය 103:(1-3)

අර්ථ විග්රහය:

1. සුවිශුද්ධයාණන් කාලය මත දිවුරා සිටී.

2. නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.

3. නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට සත්යය පිළිබඳ අන්යෝන්යව උපදෙස් දෙමින් ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.