القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 9: සූරා කුරෙයිෂ් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?

පිළිතුරු: සූරත් කුරෙයිෂ් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. කුරෙයිෂ්වරුන් වෙත (හුරුපුරුදු ලෙස යාම් ඒම් සඳහා) ඇල්ම ඇති කරලීම වෙනුවෙන් 2. (එනම්) ශීත හා ග්රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්ට ඇල්ම ඇති කරලීම වෙනුවෙන්. 3. එබැවින්, මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! 4. කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය. සූරා කුරෙයිෂ් :1-4

අර්ථ විග්රහය:

1. කුරෙෂ්වරුන් ඔවුන්ගේ ඇල්ම හේතුවෙන් ශීත ඍතුවේ සහ ගිම්හානයේ සංචාරයේ යෙදීමට හුරුපුරුදු වූ බව එයින් අදහස් කරනු ලැබේ.

2. ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.

3. මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකු හා කිසිවකට ඔවුන් ආදේශ නොකළ යුතුය.

4. ඔහු, අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.