القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක: 15 ආදරය, දයාව සහ එහි වර්ග මොනවාද?

පිළිතුර: උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි ආදරය දැක්වීම.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: විශ්වාස කළවුන් අල්ලාහ්ට දැඩි ලෙස ප්රිය කරන්නන් වෙති. (සූරතුල් බකරා 2:165)

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීම.

එතුමාණෝ මෙසේ පැවැසූහ. “මාගේ ප්රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් සිය දෙමාපියන්ට වඩා සහ සිය දරුවන්ට වඩා මා ඔහුගේ අධික ආදරයට පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ. මූලාශ්රය බුහාරි

විශ්වාස කරන්නන්ට ප්රේමය දක්වන්න, ඔබ ඔබට ආදරය කරන ආකාරයටම ඔවුන්ගේ යහපත වෙනුවෙන් (කටයුතු කිරීමට) ප්රිය කරන්න.

නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. ඔබ අතරින් කිසිවකු තමන් ප්රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්රිය කරන තෙක් ඔහු විශ්වාස කරන්නෙකු නොවන්නේය. මූලාශ්රය බුහාරි