القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 22. කේලාම් කීම යනු කුමක්ද?

පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයා නොමැති අවස්ථාවක (ඔහු ගැන) ඔහු පිළිකුල් කරන දෙයක් සඳහන් කිරීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය. (සූරත් අල්හුජ්රාත් 49:11)