English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 17: අල් බිද්ආ (නව්යකරණයට ලක් වූ දෑ) යනු කුමක්ද? එය අප විසින් පිළිගත යුතුද?

පිළිතුර- මිනිසුන් ආගම නව්යකරණය කරන සෑම දෙයක්ම සහ නබි තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ (මිතුරන්ගේ) කාලයේ දක්නට නොලැබුනු ආගමික කරුණු සියල්ල බිද්අත් වේ.

ඒවා අප විසින් පිළිගත යුතු නැත; තවද ඒවා හෙළා දැකිය යුතුයි.

නබි (අලෙයිහිස් සලාතු වස්සලාම්) තුමාණන් මෙසේ පවසා ඇත. "බිද්ආ (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන නවක කරුණු) සියල්ලක් ම නොමඟ යවන කරුණු වේ." ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

උදාහරණයක් ලෙස: වන්දනාමාන කටයුතුවලට අලුතින් යමක් එකතු කිරීම; උදාහරනයක් ලෙස, වුළු හෙවත් අර්ධස්නානය කිරීමේදී අදාල අවයවයන් තුන්වරක් සේදීම වෙනුවට සිව්වතාවක් සේදීම, තවද නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම වැනි කරුණු නැමදුම් ක්රියාවක් ලෙස (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන) නවක කරුණු වේ. නමුත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාගේ මාර්ගයෙන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන්ගේ මාර්ගයෙන් හෝ ප්රකාශ වී නැත.