English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 34: මුස්ලිම්වරුන්ගේ විද්වතුන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?

පිළිතුර - අපි ඔවුන්ට ආදරය කරන අතර, අපේ ආගමික ගැටඵ සහ නීතිමය ප්රශ්න නිරාකරණය කිරීමේදී අපි ඒ සියල්ල ඔවුන් වෙත යොමු කරමු. තවද යහපත් දේ හැර අපි ඔවුන් ගැන කිසිවක් සඳහන් නොකරන අතර ඔවුන් ගැන වෙනත් ආකාරයකින් නරකක් සඳහන් කරන අය නිවරදි මාර්ගයෙන් බැහැරව සිටින්නන්ය.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලා අතුරින් විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය. (සූරා අල්මුජාදලා 58:11)