English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 11. අල්-කව්සර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර- අල්-කවිසර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. නියත වශයෙන්ම අපි නුඹට අසීමිත වූ සම්පත් පිරිනැමුවෙමු. 2. එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා කැප කරනු. 3. නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා. අල්-කව්සර් පරිච්ඡේදය:1-3

අර්ථ විග්රහය:

1-අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.

2- මෙම ආශිර්වාදය වෙනුවෙන් ඔබ අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.

3- ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈදාගෙන ඔහු සිහිපත් කරන ලදී.