English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 13. අන්-නස්ර් (උපකාරය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

අන්-නස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1-අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්රහණය පැමිණි විට. 2-තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට. 3-නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය අන්-නස්ර් පරිච්ඡේදය:1-3

අර්ථ විග්රහය:

(1) අහෝ දූතය! ඔබේ ආගමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, තවද මක්කාහ් ජයග්රහණය සිදු වන විට,

(2) කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.

(3) ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවට මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්රහණය ආශිර්වාද කළ ඔබගේ ප්රමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්රශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.