English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 8: අල්-ෆීල් (ඇතා) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?

පිළිතුර- අල්-ෆීල් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද? 2. ඔවුන්ගේ කුමන්ත්රණය ඔහු නිෂ්ළුල නොකළේද? 3. තවද ඔහු(අල්ලාහ්) ඔවුන් වෙත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය. 4. උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ කුඩා ගල් හෙළුවේය. 5. එවිට ඔහු ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් (වූ තත්ත්වයට) පත් කළේය. අල්-ෆීල් පරිච්ඡේදය (1-5)

අර්ථ විග්රහය:

1. අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?

2. එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය.

3. කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය.

4. රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය.

5. සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළැටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය.