English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක19. නිහතමානිකම නිර්වචනය කරන්න?

පිළිතුර- පුද්ගලයෙකු මිනිසුන් ඉදිරියේ තමාව උසස් කොට නොපෙන්වීමයි. තවද මිනිසුන් හෙළා නොදැකීම හා සත්යය ප්රතික්ෂේප නොකිරීමයි.

උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. සූරත් අල්ෆුර්කාන් 25:63 එනම් - නිහතමානී පුද්ගලයින්. අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කෙනෙකු අල්ලාහ් උදෙසා අවංක ලෙස යටහත් පහත් වන්නේද අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කරනු මිස නැත. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. "සැබැවින්ම, කෙනෙකු තවත් කෙනෙකුට උඩංගු නොවන ලෙසත්, කෙනෙකු තවත් කෙනෙකුට පීඩා නොකර ලෙසත්, ඔබ නිහතමානි විය යුතු බවත් දෙවියන් වහන්සේ මට හෙලිදර කර ඇත." මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.