English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 26. වාහනයක නැග ගත් විටක කිව යුතු දුආ යාච්ඤාව.

බිස්මිල්ලාහි, අල්හම්දු ලිල්ලාහි. සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානකල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරුද්දුනූබ ඉල්ලා අන්ත.

තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. මෙය අප හට මැඩපවත්වා දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් අති ශ්රේෂ්ඨය, යා අල්ලාහ් ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මා මටම අපරාධකරගත්තෙමි. එනිසා ඔබ මට සමාව ලබා දෙනු මැනව’ ඔබ හැර පව් සමාකරදීමට වෙන කිසිවකු නැත. අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත